23 C
Colombo
Sunday, January 18, 2026

ධීවර ප්‍රජාව සඳහා හදිසි අනතුරු රක්ෂණාවරණ ක්‍රමයක්

Published:

ධීවර කර්මාන්තයට සංවර්ධනය කිරීම හා ධීවරයාගේ ජීවන තත්වය ඉහළ නැන්වීම සඳහා අත්වැලක්වීමේ පරමාර්ථය පෙරදැරිව ධීවර ප්‍රජාව සඳහා හදිසි අනතුරු රක්ෂණාවරණ ක්‍රමයක් හඳුන්වාදීමට සැලසුම් කරන ලදී.

ධීවර කර්මාන්තයෙහි නිරත ධීවර ප්‍රජාවට එම රැකියාවේ පවතින අවධානම් සහගත ස්වභාවය හේතුවෙන් ඔවුන්ගේ ජීවිතයවලට සිදුවිය හැකි අනතුරු ප්‍රමාණය ඉහළ මට්ටමක පවතී.

නව රජය විසින් මේ සම්බන්ධයෙන් විශේෂ අවදානයක් යොමු කර, එම අනතුරු ආවරණය කිරීම මඟින් ධීවර කාර්මිකයා එම කර්මාන්තයේ පූර්ණ කාලීනව නිරත කරවීම සඳහා මෙම රක්ෂණාවරණ ක්‍රමයක් හඳුන්වාදී ඇති බව කෘෂිකර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

මේ වන විටත් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මඟින් විවිධ කෘෂිකාර්මික ක්‍ෂේත්‍ර හා කෘෂිකර්මාන්තයට අදාළ ක්‍ෂේත්‍ර සඳහා රක්ෂණ යෝජනා ක්‍රමයන් හඳුන්වා දී ඇති අතර, ධීවර ජනතාව වෙනුවෙන්ම සුවිශේෂී වූ මෙම රක්ෂණ ක්‍රමවේදය මණ්ඩලය මඟින් හදුන්වාදුන් නවතම රක්‍ෂණ යෝජනා ක්‍රමය වේ.

ඒ අනුව “1990 අංක 23 · දරණ ධීවර විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ පනත” මගින් ධීවර ප්‍රජාව සඳහා විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමට මණ්ඩලයට පවරා ඇති නෛතික බලතල යටතේ ධීවර ප්‍රජාව සඳහා වාර්ෂිකව සක්‍රිය කල හැකි පරිදි මෙම හදිසි අනතුරු රක්ෂණාවරණය ක්‍රියාත්මක කිරීම මෙමගින් අපේක්ෂා කෙරේ.

මෙමගින් මුහුදු රැකියාවේ නිරත වන අවස්ථාවලදී අයහපත් කාලගුණ තත්ත්වයන් හේතුකොට ගෙන හෝ වෙන යම් ඕනෑම හදිසි අවස්ථාවකදී ධීවරයන්ට සිදුවිය හැකි අනතුරු, අකර්මණ්‍යතා හා ජීවිත හානි ආදිය තත්වයන්වලදී මෙම රක්ෂණ ක්‍රමවේදය මගින් ඔවුනට ප්‍රතිලාභ සැලසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,010FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img