23.4 C
Colombo
Sunday, January 18, 2026

හිටපු ඇමතිනී චන්ද්‍රාණි බණ්ඩාරට අධිචෝදනා ගොනුකරයි

Published:

අල්ලස් කොමිසම විසින් හිටපු ඇමතිනී චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ.

ඒ කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යවරිය ලෙස කටයුතු කළ සමයේ නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය නොකර එච්.එම්. චන්ද්‍රවංශ නැමැත්තාව වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ධූරයට පත් කිරීම සහ සිය හිතවතුන් පිරිසක් නීත්‍යානූකූල නොවන ආකාරයට විවිධ තනතුරුවලට පත් කිරීම සඳහා බලපෑම් කිරීම සම්බන්ධයෙන්.

2019 ජනවාරි 14 වැනිදා සහ 2019 ජනවාරි 31 කාලය අතර කාල සීමාව තුළ එම සිදුකිරීමෙන් අල්ලස් පනත යටතේ දූෂණය නැමැති වරද සිදුකළේ යැයි චෝදනා කරමින් චෝදනා 1ක් යටතේ මෙම නඩුව ගොනුකර ඇත.

මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයින් 08 දෙනකු නම් කර තිබේ.

නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 25ක් ද නඩුව සමග ඉදිරිපත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,010FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img