28.9 C
Colombo
Saturday, July 5, 2025

ට්‍රම්ප් – පුටින් පැය දෙකක් කෝල් එකේ

Published:

රුසියාව හා යුක්රේනය සටන් විරාම සාකච්ඡා වහාම ආරම්භ කළ යුතු බව ඇමරිකා ජනපති ට්‍රම්ප් පවසයි.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ පැය දෙකක දුරකථන ඇමතුමකින් පසු ට්‍රම්ප් මේ බව කියා සිටියේය.

රුසියාව හා යුක්රේනය සටන් විරාමයක් සහ යුද්ධය අවසන් කිරීම සඳහා සාකච්ඡා වහාම ආරම්භ කරන බවයි ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ.

දුරකථන සංවාදය ඉතා හොඳින් සිදු වූ බව ට්‍රම්ප් පැවසීය.

සාමය සඳහා වන කොන්දේසි දෙපාර්ශවය අතර සාකච්ඡා කළ යුතු බව ද ඔහු පවසයි.

මේ අතර ට්‍රම්ප් යුක්රේන ජනාධිපති වොල්දොමිර් සෙලෙන්ස්කි සමඟ ද දුරකතනයෙන් සාකච්ඡා කර තිබේ.

සෙලෙන්ස්කි පවසා ඇත්තේ මෙය තීරණාත්මක මොහොතක් බවයි.

සාකච්ඡාවලින් ඉවත් නොවන ලෙස ඔහු ඇමරිකාවෙන් ඉල්ලා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,201FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img