23.4 C
Colombo
Sunday, January 18, 2026

බලපත්‍රධාරී මත්පැන්හිමියන්ගෙන් සුරාබදු නිලධාරීන් අල්ලස් ඉල්ලයි

Published:

සුරාබදු නිලධාරීන් විසින් බලපත්‍රධාරී මත්පැන් හිමියන්ගෙන් අල්ලස් ඉල්ලීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා දැනුවත් කර ඇති බව බලපත්‍රධාරී මත්පැන් හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති අජිත් උඩුගම මහතා සඳහන් කළේ, අල්ලස් ලබා නොදෙන බලපත්‍රධාරීන්ට හිරිහැර කිරීම සහ අසත්‍ය චෝදනා නැගීමට ද සුරාබදු නිලධාරීන් කටයුතු කරමින් සිටින බවය.

සිය සංගමය මගින් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට ලිපියක් යොමුකළ බවත් ඒහි පිටපත් ජනාධිපතිතුමාට, අල්ලස් හා දුෂණ කොමිෂන් සභාවට සහ CID යට යොමුකළ බවත් බලපත්‍රධාරී මත්පැන් හිමියන්ගේ සංගමයේ සභාපති අජිත් උඩුගම මහතා සදහන් කළේය.

මහා පරිමාණ වැරදි සිදුකරන බලපත්‍රලාභීන් රැසක් සිටිය ද ඔවුන් සම්බන්ධයෙන් පියවර නොගෙන අල්ලස් නොදීම නිසා සුළු වැරදි  සිදුකරන පුද්ගලයින්ට කාර්මික අපරාධ වාර්තා ඉදිරිපත් කරන බව ද ඔහු පෙන්වා දෙයි.

බලපත්‍ර පවත්වාගෙන යෑමේදී ඔවුන් මාසිකව යම් මුදලක් බලාපොරොත්තුවන අතර ඔවුන්ට ඔ්නෑම දෙයක් සටහන් කරගෙන යා හැකි බවට තර්ජනය කරමින් මෙලෙස මුදල් ඉල්ලා සිටින බවත් ඒසේ මුදල් ලබානොදෙන අයට හිරිහැර කරන බවත් බලපත්‍රධාරී මත්පැන් හිමියන්ගේ සංගමයේ සභාපති අජිත් උඩුගම මහතා සදහන් කළේය.

ඉකුත් රජය සමයේ ලබාදුන් මත්පැන් බලපත්‍ර ද ඇතැම් සුරාබදු නිලධාරීන්ගේ හිතවතුන්ට සහ ඥාතීන්ට ලබා දී ඇති බව ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,010FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img