30 C
Colombo
Sunday, October 12, 2025

මාලිමාව සහ ස්වාධීන කණ්ඩායම් අතර සාකච්ඡාවක්

Published:

මෙවර පළාත් පාලන ආයතන ඡන්දයෙන් කොළඹ මහ නගර සභාවට තරගකර තේරී පත්වූ ස්වාධීන කණ්ඩායම් මෙන්ම කුඩා කණ්ඩායම්වල සභිකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඊයේ (19) පස්වරුවේ එම සාකච්ඡාව පැවැති බව වාර්තා වෙයි.

ජාතික ජන බලවේගයේ පැලවත්ත පක්ෂ මූලස්ථානයේදී මෙම සාකච්ඡාව පවත්වා තිබේ.

ඒ අනුව, කුඩා පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරමින්, එම සාකච්ඡාව සඳහා 09 දෙනෙකු පමණ සහභාගී වී ඇති බවයි සඳහන් වෙන්නේ.

එහිදී පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් කිහිපයක සහ‍යෝගය රජයට ලබාදෙන බවට ප්‍රකාශ කර ඇති බවයි ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ ජාතික සංවිධායකවරයා සඳහන් කළේ.

එම සාකච්ඡාවේදී සිය යෝජනා ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ බවත්, එහිදී ජනාධිපතිවරයාගෙන් යහපත් ප්‍රතිචාරයක් හිමිවූ බවත්, සභාව පිහිටුවීම සඳහා සිය සහයෝගය ලබාදෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,264FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img