31.7 C
Colombo
Sunday, July 6, 2025

තද සුළං සහ රළු මුහුද පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

Published:

තද සුළං සහ රළු මුහුද පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය හෙට (20) උදෑසන 5.30 දක්වා බලපැවැත්වෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අදාළ ප්‍රදේශවල ජනතාවට සැලකිලිමත් වන ලෙස ද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ අතර අදාළ ප්‍රදේශවල මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 55 – 65 දක්වා වැඩි විය හැකිය.

මේ පිළිබඳ ධීවරයින් සහ නාවිකයින් අවදානය යොමු කරන ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවෙදනය කරයි.

මේ අතර, දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතී.

බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම, දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වල ගාල්ල, මාතර, පුත්තලම, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී 100ට වැඩි තද වැසි ඇති වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,207FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img