26.1 C
Colombo
Sunday, January 18, 2026

බටලන්ද කොමිෂන් සභා වාර්තාව අධ්‍යනයට නීතිපතිගෙන් සිව් පුද්ගල කමිටුවක්

Published:

බටලන්ද කොමිෂන් සභා වාර්තාව අධ්‍යනයට සිව් පුද්ගල කමිටුවක් පත් කර තිබේ.

ඒ නීතිපති පාරින්ද රණසිංහ මහතා විසින්.

නීතිපතිවරයා පත්කළ අදාළ කමිටුව ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මකයි.

කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස්, රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ජයනි වෑගඩපොල සහ රජයේ නීතීඥ ශක්ති ජාගොඩආරච්චි යන මහත්ම මහත්මින්.

බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ පවතින සාක්ෂිවලින් අධිචෝදනා ගොනුකළ හැකිද යන්න, සම්බන්ධයෙන් කමිටුව කරුණු අධ්‍යනය කිරීමට නියමිතය.

මීට අමතරව කාලාවරෝදය වූ වැරදි වේ නම් ඒවා හඳුනා ගැනීමද කමිටුවට පවරා ඇති වගකීමක්.

තවදුරටත් විමර්ශනය කළ යුතු කරුණු වේ නම් ඒවා හඳුනාගැනීමද කමිටුවට පවරා ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බටලන්ද කොමිෂන් සභා වාර්තාව පසුගියදා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි, ජනාධිපති කාර්යාලය විසින් නීතිපතිවරයා වෙත යොමු කළේය.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, එම වාර්තාව පිළිබඳව ඉදිරි කටයුතු සිදු කිරීමට රජය තීරණය කර ඇති බවයි.

88/90 කාලසීමාවේ සිදුවීම් පිළිබඳව විමර්ශනය කළ බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳව සංවාදයක් යළි මතුවූයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාර්තු 6 වැනිදා අල්ජසීරා රූපවාහිණියේ හෙඩ් ටු හෙඩ් වැඩසටහනේදී මතුකළ කරුණුත් සමගයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,009FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img