24.5 C
Colombo
Wednesday, November 26, 2025

මෙක්සිකානු නාවික හමුදා නෞකාවක් නිව්යෝර්ක් පාලමක ගැටෙයි

Published:

අමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත වෙමින් තිබූ මෙක්සිකානු නාවික හමුදාවට අයත් දැවැන්ත පුහුණු නෞකාවක් නිව්යෝර්ක් නගරයේ බෘක්ලින් පාලමේ ගැටී තිබේ.

එහිදී නෞකාවේ කුඹුක්ගස්වල කොටසක් පාලමේ ගැටී ඇති අතර එම ගැටුණු කොටස් නෞකාව තුළට කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.

අනතුර සිදුවන අවස්ථාවේදී නෞකාවේ කාර්ය මණ්ඩලය 277කට ආසන්න පිරිසක් නෞකාව තුළ සිට ඇති අතර ඉන් පුද්ගලයින් 22කට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ඇතැයිද ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අනතුරින් පසු විනාඩි 40කට ආසන්න කාල සීමාවක් සඳහා පාලම වසා දැමීමට නිව්යොර්ක් නගරයේ බලධාරීන් පියවර ගෙන ඇත.

කෙසේ වෙතත් අනතුරින් පාලමට කිසිදු හානියක් සිදුව නොමැති බව නිව්යෝර්ක් නගරාධිපතිවරයා සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,473FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img