27.8 C
Colombo
Thursday, August 21, 2025

යුද ජයග්‍රහණයට 16 වසරක් සපිරෙයි

Published:

දශක තුනකට අධික කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කර අදට (18) වසර 16ක් සපිරේ.

1975 ජූලි 27 වනදා එවක යාපනයේ නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා ඝාතනය, 1983 දී එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් හමුදා සෙබළුන් 13දෙනෙකු ඝාතනය කිරීමත් සමඟ ඇති වූ කළු ජූලිය මෙරට 30 වසරක් පුරා පැවති යුද්ධයේ ආරම්භක අවධියයි.

ඉන්පසු ගෙවුණු දශක තුනකට අධික කාලයක් තුළ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් විසින් මෙරට ආගමික නායකයින්, රාජ්‍ය නායකයින්, දේශ්පාලඥයින්, රණවිරුවන් පමණක් නොව සිවිල් වැසියන්ද දහස් ගණනින් අමු අමුවේ ඝාතනය කරන ලද්දේ ලොව ප්‍රබලම ත්‍රස්තවාදී සංවිධානය බවට පත්වෙමින්.

අවස්ථා කිහිපයකදී සටන් විරාම සහ සාම සාකච්ඡා පැවැත්වුවද එය සියල්ල බිඳ වැටුණි.

යුද්ධයේ අවසානය සටහන් කළ සිව්වන ඊළාම් යුද්ධය ආරම්භ වුණේ, ගොවි ජනතාවට ජලය සපයන නැගෙනහිර මාවිලාරු සොරොව්ව වසා දැම්මට එල්.ටී.ටී.ඊ ය ක්‍රියාකිරීමත් සමඟින්.

එවක යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාත්, නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩත්, ගුවන් හමුදාපති මාර්ෂල් ඔෆ් ද ශ්‍රී ලංකා එයාර් ෆෝස් රෝෂාන් ගුණතිලකත් කොටි ත්‍රස්තවාදයට එරෙහිව මෙහෙයුම් දියත් කළ අතර, ඊට සිවිල් ආරක්ෂක බළකාය සහ ශ්‍රී ලංකා පොලීසියෙන්ද ලැබුණේ, නොමද සහයක්.

දෙමළ ජනයා මිනිස් පළිහක් ලෙස භාවිත කරමින් තම ජීවිත ආරක්ෂ කර ගැනීමට කොටි නායක වේළිපිල්ලේ ප්‍රභාකරන් දැරූ නින්දිත උත්සහය පරාජය කරමින් මෙරට යුද්ධ්ය ජයග්‍රහණය කළේ, ලොව විශාලතම ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ අභියෝගයද සාර්ථකව ජය ගනිමින්.

ඒ අනුව 2009 වසරේ මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේදී එල්.ටී.ටී.ඊ නායක වේලුපිල්ලේ ප්‍රභා කරන් රණවිරුවන් අතින් ජිවිතක්ෂයට පත්වීමත් සමඟ එතෙක් පැවැති කුරිරු යුද්ධය නිමාවට පත්විය.

යුධ ජයග්‍රහණයට වසර 16ක් සපිරීම නිමිත්තෙන් “ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය” හෙට (19) දිනයේ පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි රණවිරු ස්මාරකය අභියස දී පස්වරු 4 සිට 6 දක්වා මෙම සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිතයි.

නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම ජාතික රණවිරු අනුස්මරණ උත්සවය සඳහා ත්‍රස්තවාදය නිමා කිරීමට ත්‍රිවිධ හමුදාවට නායකත්වය ලබාදුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක ද සහභාගී වීමට නියමිතව තිබේ.

මේ අතර, දේශප්‍රේමී ජාතික පෙරමුණ ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් ඉල්ලීමක් කළේ ජාතික රණවිරු දින සැමරුමට සමගාමීව අද දිනයේ සෑම නිවසකම ජාතික කොඩියක් එසවීමට පියවර ගන්නා ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,370FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img