24.5 C
Colombo
Sunday, January 18, 2026

තුසිත හල්ලොලුව ගමන්ගත් මෝටර් රථයට වෙඩි ප්‍රහාරයක්

Published:

කොළඹ, නාරාහේන්පිට දාබරේ මාවතේදී  අද (17) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුකර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව මහතා ගමන් කළ රථය ඉලක්ක කරගනිමින් වෙඩි තැබීම සිදුකර ඇති බවය.

රථයේ ඉදිරිපස වීදුරුවට වෙඩි වැදී තිබුණත් එහි ගමන් කළ තුසිත හල්ලොලුව මහතාට හෝ ඔහුගේ නීතිඥවරයාට කිසිඳු හානියක් සිදුව නොමැත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ වෙඩි තැබූ පුද්ගලයන් පහරදීමක්ද සිදුකර ඇති අතර පහරකෑමට ලක්වූ තුසිත හල්ලොලුව මහතා රෝහල්ගත කර ඇති බවය.

මෙම වෙඩි තැබීමෙන් පසු තුසිත හල්ලොලුව මහතා සතුව තිබූ ලිපිගොනුවක් කිසියම් අයෙකු විසින් පැහැරගෙන ගොස් ඇති බව වාර්තා වෙයි

වෙඩි තැබූ පුද්ගලයන් පලාගොස් ඇති අතර නාරාහේන්පිට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,010FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img