28.4 C
Colombo
Sunday, July 6, 2025

සිරකරු හුවමාරුවකට රුසියාව සහ යුක්‍රේනය අතර එකඟතාවයක්

Published:

රුසියානු – යුක්‍රේන යුද්ධය ආරම්භ වී වසර තුනකට පසු දෙරටේ රාජ්‍ය තාන්ත්‍රිකයින් ඊයේ (16) පළමුවරට තුර්කියේ ඉස්තාන්බුල් නුවරදී මුහුණට මුහුණ හමුවිය.

තුර්කියේ දී සාම සාකච්ඡා පැවැත්වීමට යෝජනා කළ රුසියානු ජනාධිපති පුටින් ඊට එක්නොවුණු අතර ඊට විරෝධය පළ කිරීමක් වශයෙන් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි ද මෙම සාකච්ඡාවට එක් නොවූ බව වාර්තා වේ.

පැය දෙකකටත් අඩු කාලයක් පැවති මෙම සාකච්ඡාවේ අපේක්ෂා කළ පරිදි සටන් විරාමයක් හෝ සටන් නිමාකිරීම සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට දෙපාර්ශ්වයම අපෙහොසත් වී ඇත.

එහෙත් යුද සිරකරුවන් හුවමාරු කරගැනීමට දෙරටම එකඟ වී තිබේ.

ඒ අනුව දෙපාර්ශ්වයෙන් යුද සිරකරුවන් දහස බැගින් නිදහස් කෙරෙනු ඇති බව විදෙස් වාර්තාවන්හි දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,201FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img