27.2 C
Colombo
Monday, July 7, 2025

පොසොන් සතිය ජුනි මස 7 සිට 13 දක්වා

Published:

එළඹෙන ජුනි මස 7 සිට 13 දක්වා පොසොන් සතිය ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

අද (15) දින රැස්වූ පොසොන් කමිටුවේදී මේ බව තීරණය කර තිබේ.

පොසොන් පුර පසළොස්වක පොහොය දිනය එළඹෙන මස 10 වන දිනට යෙදී තිබේ.

ජාතික පොසොන් සතිය තුළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වෙනුවෙන් සිදුකරන ගෞරවයක් ලෙස සලකා කටයුතු කරනවා මිස අනුරාධපුර පූජා නගරය සංදර්ශන භූමියක් බවට පත් කර නොගන්නා ලෙස අටමස්ථානාධිපති පූජ්‍ය ආචාර්ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේ මෙහිදී සියලු ජනතාවගෙන් ඉල්ලීමක්ද කර ඇත.

අනුරාධපුර පූජා නගරය, තන්තිරිමලය හා මිහින්තලය පුදබිම් කේන්ද්‍ර කරගනිමින් ජුනි මස 07 සිට 13 දක්වා ජාතික පොසොන් සතිය පැවැත්වෙන කාලසීමාව තුළදී විවිධ ආගමික වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බවද අටමස්ථානාධිපති හිමි සඳහන් කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,213FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img