27.2 C
Colombo
Monday, July 7, 2025

Forbes ආසියාවේ අවුරුදු 30න් පහළ විශිෂ්ඨයන් 30 දෙනා අතරට යානිකා අමරසේකරත් ඒක්වෙයි

Published:

Forbes සඟරාව විසින් පළකළ ආසියාවේ අවුරුදු 30න් පහළ විශිෂ්ඨයන් 30 දෙනාගේ නම් ලැයිස්තුවට ශ්‍රී ලාංකික  තරුණියකගේ නම ද ඇතුළත්ව තිබේ.

ඒ ශ්‍රී ලාංකික තරුණ ව්‍යවසායිකාවක වන  Silver Aisle හි නිර්මාතෘ යානිකා අමරසේකර යන අයයි.

 

යානිකා අමරසේකර Retail & Ecommerce අංශයෙන් 2025 Forbes 30 Under 30 ආසියා ලැයිස්තුවට නම් කර තිබේ.

 

විවාහ උත්සව සඳහා තෑගි වෙන් කිරීමට ශ්‍රී ලංකාවේ පළමු වරට ආරම්භ කළ ඩිජිටල් වේදිකාව වන  Silver Aisleහි නිර්මාතෘවරිය ඇයයි.

 

2019 වසරේදී ආරම්භ කළ මෙම ඩිජිටල් වේදිකාව මේ වන විට ජීවිතයේ සියලු අවස්ථාවන් සඳහා තෑගි වෙන් කිරීම හා බෙදා හැරීම, භෝජන සහ නිවාඩු පැකේජ සහ අශ්වයින් පැදීම, ගොල්ෆ් සහ මැටි භාණ්ඩ සැකසීම  ආදී විවිධ අංශ යටතේ සේවාවන් සපයන පුළුල් ව්‍යාපෘතියක් බවට පත්ව තිබේ.

 

ඇය ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් ව්‍යාපාරික පාසලෙන් ව්‍යවසායකත්වය, නවෝත්පාදන සහ කළමනාකරණය පිළිබඳ MSC උපාධියක් සහ දේශපාලන ආර්ථිකය පිළිබඳ ශාස්ත‍්‍රවේදී උපාධියක් සහ කැලිෆෝනියාවේ UC Berkeley හි ජන සන්නිවේදනය පිළිබඳ ශාස්ත‍්‍රවේදී උපාධියක් හිමිකර ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,213FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img