27.2 C
Colombo
Monday, July 7, 2025

සියලු පක්ෂවලට මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ දැනුම්දීමක්

Published:

පළාත් පාලන ආයතන සඳහා තේරී පත් වූ සභිකයින්ගේ තොරතුරු මෙම සතිය තුළ ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වෙත දැනුම් දි තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ එම තොරතුරු ලැබුණු විගස සභිකයින්ගේ නම් පළාත් පාලන ආයතන අනුව ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගන්නා බවය.

පසුගිය 06 දින පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසිමේ දී ඒ ඒ පක්ෂවලට හිමි වූ මන්ත්‍රි ආසන සංඛ්‍යාව අනුව සභිකයින් තෝරාගත යුතු ආකාරය පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව සියලු පක්ෂ සහ ස්වාධින කණ්ඩායම් වෙත ලිඛිතව දැනුම්දිමක් සිදුකර තිබේ.

ඒ අනුව සතියක් තුළ පළාත් පාලන ආයතන සඳහා සභිකයින් නම්කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පක්ෂවලට දැනුම් දි ඇත.

ඊට අමතරව බහුතර බලයක් හිමි වූ පළාත් පාලන ආයතනවල නගරාධිපතිවරුන් සහ සභාපතිවරුන් නම් කර එවන ලෙස ද මැතිවරණ කොමිෂන් සභාව විසින් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වෙත දැනුම් දී තිබේ.

පළාත් පාලන ආයතනවල සභිකයින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව බහුතර බලය හිමි කරගත් පළාත් පාලන ආයතනවල නගාධිපතිවරුන් සහ සභාපතිවරුන් ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,213FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img