27.2 C
Colombo
Monday, July 7, 2025

අභිනව පාප් වහන්සේ ලොවට දුන් පණිවිඩය

Published:

අභිනව පාප් වහන්සේ ලොවට දුන් පණිවිඩය

දින දෙකක් පුරා පැවති ඡන්ද විමසීමකින් අනතුරුව නව පාප් වහන්සේ ලෙස අමෙරිකානු ජාතික රොබට් ප්‍රෙවොස්ට් හිමිපානන් තේරී පත් වුණා.

අභිනව පාප් වහන්සේ සිය නාමය ලෙස තෝරාගෙන ඇත්තේ දහ හතර වන ලියෝ පාප් වහන්සේ යන්නයි.

අමෙරිකාවේ චිකාගෝ නගරයේ උපත ලැබූ රොබට් ප්‍රෙවොස්ට් ප්‍රතිසංස්කරණ වාදියෙකු ලෙස සැලකෙන අතර පේරුහි අගරදගුරු පදවිය ද හොඹවා තිබෙනවා.
69 වන වියෙහි පසුවන උන් වහන්සේ අමෙරිකාවෙන් තේරී පත් වූ පළමු පාප් වහන්සේ ලෙසයි ඉතිහාසයට එක් වුණේ.

උන්වහන්සේ පාප් පදවියට පත් වූ 267 වෙනියායි.

ඒ අනුව බිලියන 1යි දශම 4ක් පමණ වන ලොව පුරා කතෝලික ප්‍රජාව වෙනුවෙන් දහ හතර වන ලියෝ පාප් වහන්සේ මෙතැන් සිට නායකත්වය ලබාදෙනු ඇති.
නව පාප් වහන්සේ තෝරා පත් කරගත් බවට ලෝකයට පණිවිඩය ලබාදෙමින් වතිකානයේ සිස්ටයින් දේවස්ථායේ චිමිනියෙන් සුදු දුමාරය නිකුත් වුණේ වතිකානයේ වේලාවෙන් ඊයේ පස්වරුවේයි.

එම සුබ පණිවිඩය දැනගැනීම සඳහා වතිකානයේ ශාන්ත පීතර චතුරස්‍රයට 40,000කට අධික පිරිසක් එක්ව සිටියා.

සාම්ප්‍රදායිකව නව පාප් වහන්සේ තෝරා පත් කරගත් පණිවිඩය ලබා දෙමින් සිස්ටයින් දේවස්ථායේ චිමිනියෙන් සුදු දුමාරය නිකුත් වීමත් සමග එහි රැස්ව සිටි පිරිස ප්‍රීතියෙන් ඔල්වරසන් දුන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඉන් අනතුරුව නව පාප් වහන්සේ ශාන්ත පීතර බැසිලිකාවේ වම් පස බැල්කනියට පැමිණ රැස්ව සිටි 40,000කට අධික ජනතාවට ආචාර කළා. ඉන් අනතුරුව රැස්ව සිටි පිරිස අමතමින් උන්වහන්සේ පළමුව ප්‍රකාශ කළේ “ඔබ සැමට සාමය ලැබේවා” යන්නයි. “දෙවියන් වහන්සේ අප වෙනුවෙන් සූදානම් කර ඇති නිජබිම දෙසට අප සැමට එක්ව ගමන් කළ හැකි” යැයි ද උන්වහන්සේ සිය පළමු කතාවේදී සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,213FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img