නව පාප් වහන්සේ මීට සුළු මොහොතකට පෙර තෝරාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .
එය සංකේවත් කරමින් වතිකානයේ සිස්ටයින් දේවස්ථානයේ දුම් කවුළුවෙන් සුදු දුමාරයක් නිකුත් වී තිබෙන බවයි සඳහන් වන්නේ .
ඒ අනුව නව පාප් වහන්සේ ඉදිරි පැයේදී ශාන්ත පීතර චතුරශ්‍රයට ඉහළින් ඇති බැල්කනියේ පෙනී සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .
මේ වනවිට ශාන්ත පීතර චතුරශ්‍රයේ රැඳී සිටින ජනතාාව ප්‍රීති ඝෝෂා නගමින් සිටින බවද වාර්තා වේ .