24.5 C
Colombo
Wednesday, November 26, 2025

ලාහෝර් හි පිපිරීමක් – ගුවන් ගමන් නවතී

Published:

පකිස්ථානයේ නැගෙනහිර පන්ජාබ් පළාතේ ලාහෝර් අගනුවර හමුදා සංකීර්ණයක අද අලුයම සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ගුල්බර්ග් III නසීරාබාද් ප්‍රදේශයේ නාවික යුධ විද්‍යාල මූලස්ථානයට යාබදව පිහිටා ඇති ගුවන් ආරක්ෂක ඒකකයක් වන 4 වන ගුවන් ආරක්ෂක (AD) සංකීර්ණය තුළ පෙ.ව. 6:55 ට පමණ පිපිරීම සිදු වූ බවයි වාර්තා වන්නේ.

 

මෙය මිසයිල හෝ ඩ්‍රෝන ප්‍රහාරයක් බවටයි සැක කෙරෙන්නේ.

 

ඒ අනුව ආරක්ෂක හේතූන් මත ශ්‍රී ලංකාවේ සිට පාකිස්ථානයේ ලාහෝර් දක්වා වන සියලුම ගුවන් ගමන් නැවත දැනුම්දෙන තුරු අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,473FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img