30.6 C
Colombo
Tuesday, January 13, 2026

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නැතිව වුණත් ඡන්දය දාන්න පුළුවන්

Published:

අද (06) දිනයේදී පැවැත්වෙන පළාත් පාලන ඡන්ද විමසීම සඳහා මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලැබී නොමැති යම් අයෙක් වේද ඔහුට ඡන්ද පොළේදී ඡන්දය ප්‍රකාශ කිරීමට කිසිදු බාධාවක් නොමැති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

ඒ මහතා පැවසුවේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව යම්කිසි අයෙකුට මෙතෙක් ලැබී නොමැති නම් අද දිනයේද තමන්ට අදාල උප තැපැල් කාර්යාල ඒ සඳහා විවෘත කර ඇති බවය.

ඒ අනුව උප තැපැල් කාර්යාල වෙත ගොස් තමන්ට හිමි නිල ඡන්ද පත්‍රිකාව ලබා ගත හැකි බවද කොමසාරිස්වරයා පැවසීය.

කෙසේ නමුත් නිල ඡන්ද පත්‍රිකාව ලබා ගත නොහැකි අයෙක් වේ නම් ඔහුටද කිසිදු බාධාවකින් තොරව ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය භාවිත කළ හැකි බවද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

ජාතික හැඳුනුම්පත, විදේශ ගමන් බලපත්‍රය, රියදුරු බලපත්‍රය, විශ්‍රාමික හැඳුනුම්පත, වැඩිහිටි හැඳුනුම්පත, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් පූජ්‍ය/ පූජක සඳහා ලබාදෙන හැඳුනුම්පත, පසුගිය කාලයේදී හැඳුනුම්පත් සහ විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාදය හේතුවෙන් ලබාදුන් පින්තූර සහිත ලිපිය, මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙන ආබාධිතයින් සඳහා වන හැඳුනුම්පත හෝ මැතිවරණ කාර්යාලවලින් මැතිවරණය සඳහා ඡන්දය පාවිච්චි කිරීමට නිකුත් කළ තාවකාලික හැඳුනුම්පත තිබේ නම් නිල ඡන්ද පත්‍රිකාව නොමැතිව වුවද ඡන්දය භෘවිත කළ හැකි බව මැතිවරණ කොමිසම පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,988FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img