30.6 C
Colombo
Tuesday, January 13, 2026

නවක වද සිද්ධියට තවත් සිසුන් සිව්දෙනෙක් අත්අඩංගුවට

Published:

සබරගමුව විශ්ව විද්‍යාලයේ නවකවද සිද්ධියට අදාළව තවත් සිසුන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණය දෙපාර්තමේන්තුව විසින් අද මෙලෙස අඩංගුවට අත්අඩංගුවට ගෙන තිබුනේ එම විශ්වවිද්‍යාලයේම තුන්වන වසරේ ඉගෙනුම ලබන තවත් සිසුන් සිව් දෙනෙකි.

ඔවුන් හෙට බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයිග

මෙම සිද්ධියට අදාළව  ඊයේ අත්අඩංගුවට ගත් සබරගමුව විශ්වවිද්‍යාලයේ තුන්වන වසරේ සිසුන් සිව් දෙනෙක් අද බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

මේ අතර මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණය දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සිසුන් සිව් දෙනකු ඇතුළු සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් 11 දෙනෙකුගේ අධ්‍යන කටයුතු අත්හිටුවීමට ද පියවර ගෙන ඇතැයි වාර්තාවේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,988FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img