මේ වසරේ ගෙවුණු මාස 7 තුළ දිවයිනේ සිදුකළ විවිධ මෙහෙයුම්වලින් හෙරොයින් කිලෝග්‍රෑම් 922 ක්, ‘අයිස්’ කිලෝග්‍රෑම් 1,386 ක් සහ ටී 56 ගිනි අවි 23 ක් පොලීසිය විසින් සොයා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.
ඔහු මේ බව සඳහන් කළේ, අද (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එමෙන්ම පිස්තෝල වර්ගයේ ගිනි අවි 46ක්ද, රිවෝල්වර් වර්ගයේ ගිනි අවි 30ක්, සහ දේශීය, විදේශීය ගිනි අවි ඇතුළුව සමස්ථ ගිනි අවි 1,165ක් අත්ඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම වසරේ මේ දක්වා වෙඩි තැබීම් 68ක් සිදුව ඇති බවත්, ඉන් 24 දෙනෙකු වෙඩික්කරුවන් ලෙස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය සඳහන් කළා.
එමෙන්ම, මෙම වසරේ ජනවාරි මස 01වැනිදා සිට ජූලි 11වැනිදා දක්වා වූ කාලය තුළ සිදුකළ විශේෂ මත්ද්‍රව්‍ය වැටලීම්වලදී ගංජා කිලෝග්‍රෑම් 10,895ක්, කොකේන් කිලෝග්‍රෑම් 22ක් සහ හෑෂ් කිලෝග්‍රෑම් 329ක් අත් අඩංගුවට ගෙන ඇති බවත්, ඊට අදාලව පුද්ගලයින් 106,000ක් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් සඳහන් කළේ.
එමෙන්ම, මේ වසරේ අප්‍රියෙල් 13 වැනිදා සිට ජූලි 12 වැනිදා දක්වා සිදුකළ මෙහෙයුම්වලදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 302ක්, අයිස් කිලෝ ග්‍රෑම් 104ක් සහ ගංජා කිලෝ 2,641 පොලිස් භාරයට ගෙන ඇති බවත්, එම කාලසීමාව තුළ ක්‍රියාත්මක කරන ලද විශේෂ මෙහෙයුම්වලට අදාලව නඩු 35,442ක් ගොනුකර ඇති බවත් ඔහු සඳහන් කළා.