27.8 C
Colombo
Monday, November 3, 2025

නේපාලයේ ප්‍රචණ්ඩක්‍රියා මැද බන්ධනාගාර රැඳවියන් 900 ක් පලා යයි

Published:

උත්සන්න වී ඇති ප්‍රචණ්ඩක්‍රියා හමුවේ බටහිර නේපාලයේ පිහිටි බන්ධනාගාර දෙකක රැඳවියන් 900ක් පමණ පලා ගොස් තිබෙනවා.

රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම හමුදාව ඇතුළු ආරක්ෂක අංශ භාරයට ගෙන තිබෙනවා.

නේපාල විරෝධතා හමුවේ අගමැති KP ෂර්මා ඔලි සිය ධුරයෙන් ඉල්ලා අස්වුණා.
නමුත් ඉන් සෑහීමකට පත්නොවූ විරෝධතාකරුවන් ඇඳිරිනීතිය ද නොතකා අගමැති ඕලිගේ නිවස, ජනාධිපති රාම් චන්ද්‍ර පෝදල්ගේ නිවස, නේපාලයේ පාලක කොංග්‍රස පක්ෂයේ කාර්යාලය, මෙන්ම තවත් දේශපාලනඥයින් පිරිසකගේ නිවාස ගිනි තැබුවා.

ඉන් අනතුරුව නේපාල පාර්ලිමේන්තු පරිශ්‍රයට මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයට ද ගිනි තැබූ අතර කත්මණ්ඩු අගනුවර සින්ග දර්බාර් ගොඩනැගිල්ල, හෝටල් කිහිපයක්, මාධ්‍ය ආයතන සහ ගුවන්තොටුපොළ ද ප්‍රහාරයට ලක් වුණා.

විරෝධතා හමුවේ අරාජික වූ නේපාලයේ සමස්ත පාලනය නේපාල හමුදාව අතට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,390FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img