අද උදෑසන ඉන්දියාවේ ගුජරාටයේ ගාම්භීරා පාලම කඩා වැටීමෙන් 9 දෙනෙකු මියගොස් 6 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පාලම කඩාවැටීමෙන් ආනන්ද් සහ වඩෝදර අතර වාහ ගමනාගමනය ඇණහිට ඇතැයි සඳහන්.
පාලමට යටින් දිවෙන මහිසාගර් ගඟට වාහන වැටීමෙන් මෙම මරණ සහ තුවාලකරුවන් වාර්තා වී ඇති බවයි පැවසෙන්නේ.
ගුජරාට් අමාත්‍ය රුෂිකේෂ් පටෙල් පැවසුවේ පාලම 1985 දී ඉදිකරන ලද එකක් වන නමුත් අවශ්‍ය අවස්ථාවල එහි නඩත්තු කටයුතු වරින් වර සිදු කර ඇති බවයි.
ඒ අනුව පාලම කඩා වැටීමට නිශ්චිත හේතුවක් මෙතෙක් වාර්තා වී නැහැ