28.4 C
Colombo
Sunday, July 6, 2025

බේරුවල පොලීසිය සමග ගැටුමට අත්අඩංගුවට ගත් 5 ක් රිමාන්ඩ්

Published:

බේරුවල ධීවර වරාය ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ට පහරදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 05 දෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

සැකකරුවන් අද (10) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කළුතර මහේස්ත්‍රාත් අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත්වරයා තීරණය කර තිබුණේ සැකකරුවන් පස්දෙනාම එළඹෙන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි.

බේරුවල ධීවර වරාය ආසන්නයේදී ඊයේ (09) රාත්‍රියේ පොලීසිය සහ බෞද්ධ කොඩි එල්ලමින් සිටි පිරිසක් අතර ගැටුමක් ඇතිවී තිබුණා.

ඒ එහිදී ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් පසු පිරිස පොලීසියට පහරදුන් බව කියන සිද්ධියක් හේතුවෙන්.

පසුව තත්ත්වය පාලනය කිරීමට පොලීසිය අහසට වෙඩිතබා තිබූණා.

පිරිසක් ලොරි රථයක නැග බෞද්ධ කොඩි එල්ලමින් සිට ඇති අතර,  මාර්ගය අවහිර නොකරන ලෙසට පොලීසිය ඔවුන්ට උපදෙස් දීමෙන් පසු මෙම සිද්ධිය ඇතිවී තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,202FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img