කෑගල්ල – අවිස්සාවේල්ල මාර්ගයේ දෙහිඕවිට තැඹිලියාන ප්‍රදේශයේදී අද (02) අලුයම 6:30ට පමණඇඟලුම් කම්හල් සේවකයින් ප්‍රවාහනය කළ බස් රථයක් පෙරළීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
බස් රථයේ 41 දෙනෙකු පමණ ගමන් කර තිබෙන අතර ඔවුන් සියලුදෙනාම අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
දැරණියගල සිට අවිස්සාවේල්ල කර්මාන්ත පුරය දක්වා ධාවනය කරමින් තිබියදී බස් රථය අනතුරට ලක්ව ඇති බව සඳහන්.