25 C
Colombo
Thursday, August 28, 2025

37 වසරකට පසුව මැතිවරණ දෙපාර්තමේන්තුවට සමුදෙන්න සුදානම් වන ඔහු…

Published:

37 වසරකට පසුව මැතිවරණ දෙපාර්තමේන්තුවට සමුදෙන්න සුදානම් වන ඔහු…

මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සිය 37 වසරක රාජ්‍ය සේවයෙන් සමුගැනීම සඳහා මේ වන විට සුදානම් වන බවට වාර්තා වනවා.

රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාලයේ පිහිටි සිය කාර්යාලයේ පෞද්ගලික් භාණ්ඩ මේ වන විට ඔහු අස්පස් කරමින් සිටින බවයි දක්නට ඇත්තේ.

පසුගිය දා සම්මතවූ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව පවතින මැතිවරණ කොමිසම අහෝසිවී පංච පුද්ගල නව මැතිවරණ කොමිසමක් පත්වීම සිදුවනු ඇත.

එමෙන්ම එම නව මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන ලෙසට මහින්ද දේශප්‍රිය මහතාට ආරාධනා ලබා තිබුණත් තමන්ට විවේකයක් අවශ්‍ය බව පවසා සිය ධුරයෙන් විශ්‍රාම යාමට ඔහු තීරණය කොට ඇත.

19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඔහු මෙම නොවැම්බර් මස අගදී ඔහුගේ ධුර කාලය අවසන් වීමට නියමිතව තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,453FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img