24.5 C
Colombo
Wednesday, November 26, 2025

වියට්නාමයේ සංචාරක බෝට්ටුවක් පෙරළී ළමුන් 8 ක් ඇතුළු 34 ක් මරුට

Published:

වියට්නාමයේ උතුරු ප්‍රදේශයේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන හා ලොන්ග් බොක්කෙහි සංචාරක බෝට්ටුවක් පෙරළීමෙන් ළමුන් 8 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 34 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අයහපත් කාලගුණය හේතුවෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති පරිදි මගීන්ගෙන් බහුතරයක් හැනොයි අගනුවර සිට පැමිණි වියට්නාම් පවුල්.

අනතුරින් තවත් පුද්ගලයින් 11 දෙනෙකු දිවි ගලවාගෙන ඇති අතර අතුරුදන් වුවන් සෙවීමට අධික වර්ෂාව බාධාවක් වී ඇති බවද එරට ගලවා ගැනීමේ කණ්ඩායම් පවසා තිබෙනවා.

අනතුරට පත්වන විට මෙම බෝට්ටුව තුළ පුද්ගලයින් 53 දෙනෙකු සිට ඇති බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,472FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img