30.6 C
Colombo
Wednesday, January 14, 2026

ළමා මෙහෙකාර සේවයේ යෙදවූ දරුවන් හා වීදි දරුවන් 300 ක්

Published:

මාසයක් ඇතුළත මෙහෙකාර සේවයේ සහ වීදි දරුවන් වශයෙන් සිටි දරුවන් 300 දෙනෙකු සොයාගන තිබෙනවා.

ඉන් 26 දෙනෙකුම කොළඹ දිස්ත්‍රික්කයෙන් සොයාගන තිබෙන බවයි කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් පවසන්නේ.

ළමා ආරක්ෂණ අධිකාරියට ලැබුණු තොරතුරු අනුව මෙම දරුවන් සොයාගත් බවත් ඔවුන්ගේ රැකවරණය සහතික කළ හැකි භාරකරුවන් සොයා ඔවුන්ට එම දරුවන් භාරදෙන බවත් අමාත්‍යවරිය සඳහන් කළා.

එම දරුවන්ගේ පාසල් අධ්‍යාපන කටයුතු නිවැරදිව පවත්වාගෙන යාමටත් ඊට පහසුකම් ලබාදීම සඳහා රජය මැදිහත්වන බවත් සරෝජා පෝල්රාජ් පවසනවා.

මීට අමතරව මෙම දරුවන් ළමා මෙහෙකාර සේවයේ යෙදවීමට සහ වීදිවල යෙදවීමට කටයුතු කරනලද පිරිස් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරිය සදහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,998FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img