27.8 C
Colombo
Thursday, August 28, 2025

30ට වැඩි ඕනෑම අයෙකුට හෙට සිට එන්නත් ලබාගත හැකි ස්ථාන කිහිපයක්….

Published:

30ට වැඩි ඕනෑම අයෙකුට හෙට සිට එන්නත් ලබාගත හැකි ස්ථාන කිහිපයක්….

දිවයින පුරා පිහිටි තෝරාගත් ත්‍රිවිධ හමුදා රෝහල් කිහිපයකින්ම කොවිඩ් එන්නත් ලබාගැනීමේ අවස්ථාව හෙට (05) සිට ජනතාවට සලසා දී ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව බස්නාහිර පළාත තුළ වයස අවුරුදු 30 ට වැඩි ඕනෑම අයකුට හෙට සිට සතියේ ඕනෑම දිනක උදෑසන 8.30ත් සවස 4.30 ත් අතර කාලය තුළ අදාළ රෝහල්වලින් එන්නත් පළමු මාත්‍රාව හෝ දෙවැනි මාත්‍රාව නියමිත පරිදි ලබාගත හැකිය.

නාරාහෙන්පිට, පනාගොඩ, වේරහැර පිහිටි යුද හමුදා රෝහල්, බොරැල්ල ගුවන්පුර, කටුනායක, රත්මලාන, ඒකල පිහිටි ගුවන් හමුදා රෝහල්, වැලිසර සහ කොළඹ චෛත්‍ය පාරේ පිහිටි නාවික හමුදා රෝහල්වලින් මෙලෙස බස්නාහිර පළාතේ අවුරුදු 30ට වැඩි ඕනෑම අයකුට කොවිඩ් එන්නත් ලබාගත හැකිය.

එමෙන්ම බස්නාහිර පළාතෙන් බැහැර වයස අවුරුදු 60 ට වැඩි ඕනෑම අයකුට කොවිඩ් එන්නත් ලබාගැනීම සඳහා ද යුද හමුදා රෝහල් කිහිපයක හෙට සිට ඉඩ සලසා දීමට නියමිතය.

ඒ අනුව ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය, මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලය, දියතලාව, අනුරාධපුර, කිලිනොච්චිය, යාපනය හා මුලතිව් හි පිහිටි හමුදා රෝහල්වලත් මෙලෙස කොවිඩ් එන්නත් ලබාදීම සිදු කෙරේ.

හෙට සිට සතියේ ඕනෑම දිනක උදෑසන 8.30ත් සවස 4.30ත් අතර කාලය තුළ මෙම මධ්‍යස්ථානවලින් වයස අවුරුදු 60 ට වැඩි ඕනෑම අයකුට එන්නත් ලබාගත හැකිය.

යුද හමුදාපතිවරයා සඳහන් කළේ ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම පියවර ක්‍රියාවට නැංවෙන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,463FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img