27.8 C
Colombo
Thursday, July 17, 2025

සම්බාහන මධ්‍යස්ථානයකින් නොමිලේ සේවය ඉල්ලූ පොලිස් නිලධාරීන් 3 කගේ වැඩ තහනම්

Published:

මාතර කොට්ඨාශයේ වැඩ බලන පොලිස් අධිකාරිවරයාගේ නියෝග පරිදි මාතර කොට්ඨාශයේ පොලිස් ස්ථානවලට අනුයුක්තව සේවය කළ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

මෙම නිලධාරීන් තිදෙනා මාතර වල්ගම ප්‍රදේශයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයක් වෙත ගොස් එහි කළමණාකාරවරිය සමග උණුසුම් වචන හුවමාරුවක් ඇති කරගෙන ඇති අතර පසුව එහි සේවය නොමිලේ ලබා ගැනීමට උත්සහ දරා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත සිදු කළ පරීක්ෂණයකදී අදාළ නිලධාරීන් තිදෙනා එම චෝදනාවට වැරදිකරුවන් බවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව පොලීසියේ විනය පවත්වා ගැනිමට හානිවන අයුරින් හැසිරීම, පොලිස් නිලධාරියෙකු ලෙස තම නිලය පෞද්ගලික ප්‍රයෝජනය සඳහා යොදා ගැනීම යන වැරදි මත අපකීර්තිදායක හැසිරීම හා දුෂිත ක්‍රියා යන චෝදනා හේතුවෙන් අදාළ නිලධාරීන්ට මෙම නියෝග නිකුත් කෙරුණා.

මෙම නිලධාරීන් කඹුරුපිටිය, තිහගොඩ සහ මාවරල යන පොලිස් ස්ථානවලට අනුයුක්තව සේවය කරන නිලධාරීන් බව සඳහන්.

මේ සම්බන්ධයෙන් මාතර පොලිස් අධිකාරි කාර්යාලය වැඩිදුර පරික්ෂණ කටයුතු සිදු කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,329FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img