24.5 C
Colombo
Tuesday, January 13, 2026

SVAT අහෝසි කිරීමට එරෙහිව වානිජ මණ්ඩල 3ක් අධිකරණයට

Published:

SVAT හෙවත් (සරල කරන ලද එකතුකළ අගය මත බදු) ක්‍රමය අද (1) සිට අහෝසි කිරීමට එරෙහිව සහ ක්‍රමවත් ස්වයංක්‍රීය VAT ආපසු ගෙවීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත නොකිරීමට එරෙහිව වානිජ මණ්ඩල 3 ක් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනුකර තිබෙනවා.

ඒ නිදහස් වෙළෙඳ කලාප නිෂ්පාදකයන්ගේ සංගමය, ශ්‍රී ලංකා ජාතික වානිජ මන්ඩලය සහ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ වානිජ මන්ඩලය යන ආයතන විසින්.

SVAT හෙවත් සරල කරන ලද වැට් බදු ක්‍රමය අද සිට අහෝසි කෙරුණේ එම තීරණය කල් දමන ලෙස මෙරට ප්‍රධාන අපනයනකරුවන්ගේ සංගම් රජයෙන් ඉල්ලීම් ද කර තිබූ පසුබිමකයි.

SVATක්‍රමය අහෝසි කිරීමත් සමග වැට් ප්‍රතිපූර්ණ ක්‍රියාවලිය විධිමත් කර නොමැති බවත් එමගින් ගැටලූ‍ රැසක් මතුවන බවත් අපනයනකරුවන් පෙන්වා දී තිබුණා.

එමෙන්ම 2024 – 2025 ආදායම් වර්ෂවලට අදාළ සංස්ථාපිත සහ පුද්ගල ආදායම් බදුවල අවසන් වාරිකය ගෙවීමට ලබා දී තිබූ කාලය ඊයේ දිනයෙන් අවසන් වුණා.

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,983FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img