27.2 C
Colombo
Monday, July 7, 2025

24 සහ 25 දෙදින කාලගුණයේ වෙනසක්…

Published:

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 370ක් ඊසාන දෙසින් ස්ථානගතව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම පද්ධතිය ඉදිරි පැය 48 තුළ ශ්‍රී ලංකාව හරහා ගමන්කිරීමේ හැකියාවක් ඇති බවද එහි සඳහන්.

එසේම මේ හේතුවෙන් දෙසැම්බර් මස 24 සහ 25 යන දිනයන්හි දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවද එහි වැඩිදුරටත් සඳහන්.

මේ අතර අද දිනයේ උතුරු, නැගෙනහිර ඌව සහ උතුරු මැද පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකිය.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වාසිය ඇතිවිය හැක.

උතුරු නැගෙනහිර බස්නාහිර සබරගමුව සහ ඌව පළාත්වල විටින් විට හමන පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,213FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img