පසුගිය මාස දෙකක පමණ කාලයක සිට වන අලි 21ක් තුවාල ලබා ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි පවසනවා.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (25) පොලොන්නරුව දිස්ත්‍රික් කමිටු රැස්වීමට එක්වෙමින්.
මෙසේ වන අලි තුවාල වීම පිළිබඳ සොයා බැලීම සඳහා අපරාධ විමර්ශන ඒකකයට දැනුම් දුන් බවයි ඔහු පැවසුවේ.
එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසුවා,
”හැම අවුරුද්දෙම වනඅලි මරණ වාර්තා වෙනවා. සාමාන්‍යයෙන් 2023දී 488ක් වගේ ප්‍රමාණයක් අලි මැරිලා තිබුණා. 2024 දී 306කට 304කට වගේ අඩු කරගන්න පුළුවන් වෙලා තියෙනවා. අපි රජයේ හැටියට මේ ප්‍රමාණය 300කට වඩා අඩුකර ගැනීමට ඉලක්ක සහගතව වැඩ කරමින් සිටියා. ඊට පස්සේ එක් එක් අවස්ථාවන් දෙකකදී ඉතාම කෙටි කාලයක් තුළ අලි මැරෙන්න පටන් ගත්තා. පෙබරවාරයේදී දුම්රිය හැප්පිලා අලි හත් දෙනෙක් එක තැන මියැදුනා. අලි හත් අට දෙනෙකුට ළඟ ළඟ වෙඩි තැබීමක් සිද්ධ වුණා.
මෑතකදී භාතිය ඇතාගේ සිද්ධියටත් සමාන්තරව මාස දෙකක් විතර වගේ වෙනකොට අලින්ට කකුල් වලට වෙඩි තැබීම්, මද්දකට හසුවීම් වෙලා තියෙනවා. මේ වෙනකොට අලි 21කට මේ විදියට තුවාල වෙලා ප්‍රතිකාර කරමින් ඉන්නවා.
වාර්තා වෙලා තියෙනවා ඒ වගේම යම් යම් තොරතුරුත් ලැබිල තියෙනවා. ඒ නිසා අපට සාධාරණ සැකයක් මතුවෙලා තියෙනවා මේක පිළිබඳ යම් සංවිධානාත්මක සිද්ධියක් තියෙනවා කියලා. ඒ නිසා තමයි අපි අපරාධ විමර්ශන ඒකකයට භාර දුන්නේ මේක සම්බන්ධයෙන් පරීක්ෂණ කරන්න කියලා.”