27.2 C
Colombo
Friday, September 5, 2025

2025 වසරේ 5 ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කෙරේ

Published:

2025 වසරට අදාළ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද (4) නිකුත් කෙරුණා.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk සහ http://www.results.exams.gov.lk/ යන වෙබ් අඩවිවලට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකියි.

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය අගෝස්තු 10 වනදා පැවැත් වුණා.

එහිදී සිංහල මාධ්‍යයෙන් අයදුම්කරුවන් 231,638 ක් සහ දෙමළ මාධ්‍යයෙන් අයැදුම්කරුවන් 76,313ක් විභාගයට පෙනී සිටියා.

විභාගයේ උත්තර පත්‍ර පරික්‍ෂා කිරීම පසුගිය 22වැනිදා සිට 27 වැනිදා දක්වා සිදු කෙරුණු බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත එක් එක් දිස්ත්‍රිත්ක සඳහා වන කඩඉම් ලකුණු සීමාවන් ද විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,511FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img