28.4 C
Colombo
Monday, July 21, 2025

2024 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ

Published:

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (11) නිකුත් කර තිබෙනවා.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වේබ්අඩවි වන https://www.doenets.lk/ සහ http://www.results.exams.gov.lk/ යන වෙබ් අඩවි වලට පිවිසීමෙන් විභාගයේ ප්‍රතිපල ලබාගත හැකියි.

ප්‍රතිඵළ සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේ නම් විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංකය වන 1911 ඇමතීමෙන් හෝ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ දුරකතන අංක වන 011 2 785 922, 011 2 784 208, 011 2 786 616 සහ 011 2 784 537 යන දුරකතන අංක මගින් විමසීම් කළ හැකියි.

මේ අතර 2024/2025 අපොස සාමාන්‍ය පෙළ විහාගයේ දී සියලුම විෂයන් සඳහා A සාමාර්ථ ලබා ගත් විභාග අපේක්ෂකයන් සංඛ්‍යාව 13,392ක් බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස් ඉන්දිකා කුමාරි සඳහන් කළා.

විභාග ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් අමතමින් විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළේ, එම ප්‍රතිශතය 4.15%ක් බවයි.

මේ අතර 2024/2025 අපොස සාමාන්‍ය පෙළ විහාගයේ දී සියලුම විෂයන් අසමත් වූ අපේක්ෂකයන් ප්‍රතිශතය 2.34%ක් බව ද ඇය සඳහන් කළා.

එසේම මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි සමස්ත විභාග අපේක්ෂකයන් 425,152 අතුරින් උසස් පෙළ පන්ති සඳහා සිසුන් 237,026ක් සුදුසුකම් ලැබූ බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,341FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img