30.6 C
Colombo
Monday, July 7, 2025

2023 වසරේ පළමු පනත් කෙටුම්පතට කථානායකවරයා සිය සහතිකය සටහන් කරයි…

Published:

2023 වර්ෂයේ පළමු පනත් කෙටුම්පතට කථානායකවරයා අද (17) සිය සහතිකය සටහන් කර තිබෙනවා.

කථානායකවරයා විසින් එලෙස සහතික කර ඇත්තේ බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබා ගැනීමේ පනත් කෙටුම්පතටයි.

බදු ගිවිසුමක් යටතේ බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබා ගැනීමට අදාළ කාර්යය පටිපාටිය සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්වීම සඳහා ද, හිඟ බදු වාරික මුදල් සේවා ගාස්තු සහ ප්‍රමාණකළ අලාභ අයකර ගැනීම විධිමත් කිරීම සඳහා ද සහ ඒ හා සම්බන්ධ හෝ ඊට අනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා ද මෙම පනත් කෙටුම්පත මඟින් විධිවිධාන සලසනු ලබනවා.

අදාළ පනත් කෙටුම්පත පසුගිය ජනවාරි 05 වනදා පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,214FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img