27.2 C
Colombo
Monday, July 7, 2025

2019 වසරේ වැඩිම පිරිසක් ගූග්ල් ඔස්සේ පිහිටීම සෙවූ රට ශ්‍රී ලංකාව බවට පත් වෙයි…

Published:

ගූගල් සෙවුම් යන්ත්‍රයේ එක් කාණ්ඩයක් තුළ ඇමරිකාව තුළ වැඩිපුරම සෙවීම් සිදුකර ඇත්තේ ශ්‍රී ලංකාවේ පිහිටීම සම්බන්ධයෙන් බව නවතම ගූග්ල් සෙවුම් වාර්තාවෙන් හෙළිදරව් වී තිබේ.

අදාළ වාර්තාවට අනුව ගූග්ල් සෙවුම් යන්ත්‍රය හරහා ‘Where is’ යන කාණ්ඩය යටතේ පළමු ස්ථානය හිමිව ඇත්තේ ‘Where is Sri Lanka’ යන්නටයි.

එ නම් අදාළ කාණ්ඩය යටතේ වැඩිම පිරිසක් සෙවීම් සිදුකර ඇත්තේ ලෝක සිතියමේ ශ්‍රී ලංකාව පිහිටියේ කොහි ද යන්නයි.

ගූග්ල් සෙවුම් වාර්තාවට අනුව අපේ රට පිහිටියේ කොහි ද යන්න සෙවීම් වැඩිපුරම සිදුකර ඇත්තේ අප්‍රේල් සහ මැයි මාසවලදීයි.

Lonely Planet සඟරාව මගින්, ලොව හොඳම සංචාරක නවාතැන ලෙස මෙම වසරේදී ශ්‍රී ලංකාව නම් කිරීම ද ශ්‍රී ලංකාව පළමු ස්ථානයට පත්ව තිබීමට ප්‍රධාන හේතුවකි.

මීට අමතරව අප්‍රේල් 21 එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සමස්ත ලෝකයේම අවධානය යොමු වූ අතර ප්‍රහාරය එල්ල වීමෙන් පසු, ඒ පිළිබඳව අවධානය යොමු කළ විදෙස් ජාතිකයන් රැසක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සහ අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු සෙවීම්ද සිදුකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,213FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img