23.4 C
Colombo
Wednesday, January 14, 2026

159 වන පොලිස් දිනය අදයි

Published:

159 වන පොලිස් දිනය අදට යෙදී තිබෙනවා.

මෙවර එහි තේමාව නීතිය සුරකිමු සාමය අගයමු යන්නයි.

1866 වසරේ සැප්තැම්බර් මස 03 වනදා ව්‍යස්ථාපිතව පොලිස් දෙපාර්තමේන්තුව ආරම්භ කළා.

එදින සිට වසර 159 ක් සැපිරෙන අද දින විශේෂ සැමරුම් උත්සවයක් අද පස්වරුවේ තිඹිරිගස්යාය පොලිස් ක්‍රීඩාංගණයේදී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා.

මේ අතර උත්සවය පැවැත්වෙන කාලසීමාව තුළ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන අතර ඒ අනුව පස්වරු 02 සිට පස්වරු 07 දක්වා තුම්මුල්ල මංසන්ධියේ සිට තිඹිරිගස්යාය මංසන්ධිය දක්වා හැවලොක් මාර්ගයේ බර වාහන ගමනාගමනය සීමා කරනු ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,997FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img