32 C
Colombo
Sunday, October 12, 2025

තංගල්ලේ නිවසකින් අයිස් මත්ද්‍රව්‍ය බවට සැක ද්‍රව්‍ය 10Kg ක් – ලොරියකින් මත්ද්‍රව්‍ය 200kg ක් සොයා ගනී

Published:

තංගල්ල, සීනිමෝදර නිවසක තිබී අයිස් මත්ද්‍රව්‍ය යැයි සැක සහිත ද්‍රව්‍ය කිලෝ 10 ක අධික ප්‍රමාණයක් සොයාගෙන ඇති බව පොලීසිය පවසනවා.

අදාළ නිවසේ තිබී අද (22) උදෑසන මියගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබුණු අතර, තවත් පුද්ගලයෙක් රෝහල්ගත කිරීමෙන් පසුව මිය‍ගොස් තිබුණා.

උදෑසන සිදුකළ මූලික පරීක්ෂණවලදී අයිස් මත්ද්‍රව්‍ය අඩංගු පැකට් 10 ක්ද පොලීසිය විසින් සොයාගෙන තිබුණා.

මේ අතර තංගල්ල ප්‍රදේශයේ තවත් ලොරි රථයක තිබි අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය 200 kg පමණ ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.

පොලීසිය සිදුකළ පරික්ෂාවකදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ ලොරි රථයේ තිබී නවීන ගිනිඅවි 04ක් ද සොයා ගැනීමට හැකිව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,264FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img