28.4 C
Colombo
Sunday, July 6, 2025

දුම්රියේ ගැටීමෙන් වන අලි මරණ 53 ක්

Published:

2020 සිට 2024 දක්වා ක‍ාලය තුළ දුම්රියේ ගැටීම නිසා වන අලි 53ක් මියගොස් ඇති බවත් 17ක් තුවාල ලබා ඇති බවත් කෝපා කමිටුවේදී අනාවරණය විය.

ඒ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ 2023 වර්ෂයේ විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්යසාධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (09) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

මෙහිදී කමි‍ටුව පෙන්වා දුන්නේ වන අලි අනතුරු අවම කර ගැනීම සඳහා 2018 ඔක්තෝම්බර් මස 11 දින සිට 15 දින දක්වා සමීක්ෂණයක් සිදු කර වන අලි දුම්රියේ ගැටීමේ ස්ථාන හා වන අලි දුම්රිය මාර්ගයේ ගැවසෙන ස්ථාන පිළිබඳ අධ්‍යයනයක් සිදු කර තිබුණත් වන අලි දුම්රියේ ගැටීම අවම වී නැති බවයි.

මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ 2018 පැවති තත්ත්වය මේ වන විට වෙනස් වී ඇති බවත් මෑත කාලීනව අලි 200 පමණ දිනපතා දුම්රිය මාර්ග අවට ගැවසෙන බවත් හඳුනාගෙන ඇති බවයි.

මේ නිසා දැනටමත් කෙටි කාලීන විසඳුම් ලබා දී ඇති බවත් මේ වන විට වන ජීවී දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කරමින් දීර්ඝකාලීන විසදුම් ලබාදීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් නිලධාරීහු පෙන්වා දුන්හ.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,202FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img