27.2 C
Colombo
Friday, August 22, 2025

100කට වැඩි පිරිසක් සමග නෞකාවක් පෙරළෙයි…

Published:

තායිලන්ත මුහුදු සීමාවේදී කාර්ය මණ්ඩල සාමාජිකයන් 100කට වැඩි පිරිසක් සමග නෞකාවක් පෙරලී ගොස් තිබෙනවා.

ඊයේ රාත්‍රියේ තායිලන්ත බොක්ක මුහුදු ප්‍රදේශයේ හටගත් දැඩි කුණාටුවක් හමුවේ නෞකාව අනතුරට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

නෞකාවේ සිටි නැවියන් 100කට වැඩි පිරිසක් බේරා ගැනීමේ මෙහෙයුම් මේවන විට ආරම්භ වී තිබෙනවා.

විශාල පිරිසක් මේවන විට බේරාගෙන ඇති අතර තවත් 28 දෙනෙකු අතුරුදන්ව ඇති බව සඳහන්.

කෙසේවෙතත් මෙම අනතුරින් කිසිදු මරණයක් වාර්තාවී නොමැති අතර අනතුරට ලක්වූවන් පිරිසකගේ තත්වය බරපතල බවයි තායිලන්ත මාධ්‍ය වාර්තා කරන්නේ.

ප්‍රචුවාප් කිරී ඛාන් පළාතේ බංග් සෆාන් දිස්ත්‍රික්කයේ වෙරළට කිලෝමීටර් 32ක් (සැතපුම් 20ක්) ඔබ්බෙන් වූ මුහුදේ මුර සංචාරයේ යෙදී සිටි නෞකාව ඉරිදා කුණාටුවට හසුව තිබෙනවා.

සහය සඳහා නාවික නෞකා තුනක් සහ හෙලිකොප්ටර් යානා යවා ඇතත් ගිලී යාමට පෙර යාත්‍රාව වෙත ළඟා වූයේ එක් නෞකාවක් පමණයි.

නෞකාවේ සිටි නාවිකයින් 106 දෙනාගෙන් 78 දෙනෙකු බේරා ගැනීමට මෙම නෞකාව සමත් වූ බව නාවික හමුදාව දසඳහන් කළා.

සෙසු සෙබළුන් 28 දෙනා තවමත් ගොඩ ගනිමින් සිටින අතර, ඉන් තිදෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි තායිලන්ත නාවික හමුදාව පවසන්නේ.

සියලු කාර්ය මණ්ඩලය සොයා ගැනීම සඳහා රාත්‍රිය පුරා සෝදිසි කිරීම් සිදු කළ බව බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,369FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img