31.7 C
Colombo
Monday, July 7, 2025

BRICS ඇමරිකානු විරෝධී ප්‍රතිපත්ති සමඟ එක්වන රටවලට 10% ක අමතර බද්දක්

Published:

BRICS හි ඇමරිකානු විරෝධී ප්‍රතිපත්ති සමඟ පෙළ ගැසෙන ඕනෑම රටකට අමතර 10% ක තීරුබදු අය කෙරෙන බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

සිය ටෘත් ගිණුමෙහි සටහනක් තබමින් ජනපතිවරයා පැවසුවේ මෙම ප්‍රතිපත්තියට ව්‍යතිරේකයක් නොමැති බවයි.

සංවර්ධනය වෙමින් පවතින රටවල BRICS කණ්ඩායම 17 වන BRICS නායකයින්ගේ රැස්වීම සඳහා Rio de Janeiro නගරයේ රැස්ව සිටින අතරතුර ට්‍රම්ප් මෙම නිවේදනය නිකුත් කළා.

ගෝලීය දකුණේ සහයෝගිතා ශක්තිමත් කිරීම, වෙනස්කම පිළිගැනීම හා තිරසර බව සහිත ගෝලීය පාලනය ප්‍රවර්ධනය යන්න තේමා කර ගත් Rio de Janeiro ප්‍රකාශනය එහිදී නිකුත් කෙරුණා.

ජාත්‍යන්තර නීතියට පටහැනි වන සියළු ඒකපාර්ශ්වික බලහත්කාර පියවරයන් හෙළා දකින බ්‍රික්ස් රටවල්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය රහිතව කිසිදු ඒකපාර්ශ්වික සම්බාධකයකට එකඟත්වය පළ නොකොට ඊට විරුද්ධ වන බව Rio de Janeiro ප්‍රකාශනයේ සඳහන් වනවා.

BRICS කණ්ඩායමට බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය, දකුණු අප්‍රිකාව, සෞදි අරාබිය, ඊජිප්තුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉතියෝපියාව, ඉන්දුනීසියාව සහ ඉරානය ඇතුළත්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,215FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img