27.8 C
Colombo
Thursday, August 28, 2025

ෆයිසර් එන්නත මිනිස් සිරුර තුළ ක්‍රියාකරන්නේ කෙසේද …?

Published:

ෆයිසර් එන්නත මිනිස් සිරුර තුළ ක්‍රියාකරන්නේ කෙසේද …?

කොවිඩ් වෛරසයට එරෙහිව ප්‍රතිදේහ නිපදවීය හැකි ෆයිසර් එන්නත, මැසෙන්ජර් RNA එසේත් නැත්නම් mRNA වර්ගයේ එන්නතකි.

ෆයිසර් එන්නත පුද්ගලයෙකුට ලබාදුන් විට ශරීරය තුළ ස්පයික් ප්‍රෝටීන නිපදවෙයි.

ඉන්පසු එන්නත ලබාගත් පුද්ගලයාගේ සිරුර තුළ ඊට එරෙහිව ප්‍රතිදේහ ඇතිවේ.

කොවිඩ් වෛරසය තුළ ඇත්තේද ස්පයික් ප්‍රෝටීන බව හඳුනාගෙන තිබේ.

එබැවින් ෆයිසර් එන්නත ලබාගත් පුද්ගලයෙකුට කොවිඩ් වෛරසය ශරීර ගතවුවත් ඊට එරෙහිව සටන් කිරීමේ හැකියාව ඔහු තුළ වර්ධනය වෙයි.

විශේෂඥයින්ගේ පෙන්වා දෙන්නේ, ෆයිසර් එන්නතේ සාර්ථකත්වය සියයට 95%ක් තරම් ඉහළ අගයක් ගන්නා බවය.

එහෙත් යම් පුද්ගලයෙකුට කොවිඩ් රෝගයෙන් ආරක්ෂාවීමට නම් ෆයිසර් එන්නත් මාත්‍රා දෙකම ලබාගත යුතු බව වෛද්‍යවරු පවසති.

වෛද්‍යවරුන් පවසන්නේ, ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන දින 21ත් මාසයත් අතර කාලය තුළදී එහි දෙවැනි මාත්‍රාව ද ලබාගත යුතු බවය.

මේ අතර පළමු වරට ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 26,000ක් අද (05) අලුයම මෙරටට ලැබුණි.

ඒ අනුව මෙම මසය තුළදී ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 2ක් මෙරටට ලැබීමට නියමිත අතර අද ලැබුණේ ඉන් කොටසකි.

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ අද ලැබුණු ෆයිසර් එන්නත ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබාගෙන ඇති ජනතාවට ලබාදීමට කටයුතු කරන බවය.

එය ලබන බදාදා සිට කොළඹ මහනගර සභා බලප්‍රදේශය තුළ ජනතාවට ලබාදෙන බව ඔහු පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ මෙම වසර තුළදී ෆයිසර් එන්නත් ලක්ෂ 50ක් ලබාගැනීමට අපේක්ෂා කරන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,463FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img