30.6 C
Colombo
Sunday, September 7, 2025

ළමයෙකු සේ සැලකෙන වයසෙහි වෙනසක්…

Published:

ශ්‍රී ලංකාව තුළ ළමයෙකු වියයුතු තැනැත්තෙකුගේ වයස අවුරුදු 16 සිට 18 දක්වා ඉහළ නැංවියයුතු බව ළමයින් සහ තරුණ තැනැත්තන් ආඥාපනත සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කොට ඇති යෝජනාවල සඳහන් වෙයි.

ස්ත්‍රී – පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මේ පළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

ඒ අනුව “ළමයින් සහ තරුණ තැනැත්තන් ආඥා පනත” යන වචන වෙනුවට “ළමා ආඥා පනත” ලෙසද “ළමයින් සහ තරුණ තැනැත්තන්” යන වචන වෙනුවට “ළමයින්” ලෙසද සංශෝධනය කිරීමට මෙමගින් යෝජනා කොට ඇත.

එමෙන්ම ප්‍රධාන ප්‍රඥප්තියේ 71 වන වගන්තියේ (6) වන උපවගන්තියේ ඇති  ‘මෙම කොටසේ ඇති කිසිවක් දරුවකුට හෝ තරුණයෙකුට දඬුවම් කිරීමට ඕනෑම දෙමාපියෙක්ට, ගුරුවරයෙකුට හෝ නීත්‍යනුකූල භාරකරුවකුට ඇති අයිතියට බලපාන ලෙස ගොඩනොනැගිය යුතු බවය’ යන්න  සංශෝධන පනත් කෙටුම්පත මගින් ඉවත් කර තිබේ.

23 වන අධිකාරය වූ ළමයින් සහ තරුණ තැනැත්තන් ආඥාපනතේ අරමුණ වන්නේ ළමයින්ගේ සහ තරුණයන්ගේ ආරක්ෂාව උදෙසා බාලවයස්කාර අපරාධකරුවන් අධීක්ෂණය කිරීම සඳහා බාලවයස්කාර අධිකරණ පිහිටුවීමට නියෝග සෑදීමය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,514FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img