27.8 C
Colombo
Monday, August 25, 2025

හේමසිරිට ඇප…

Published:

හේමසිරිට ඇප…

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් මාස හතරකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරයේ සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය අද (05) නියෝග කළා.

කොළඹ මහාධිකරණය විනිසුරු මංජුල තිලකරත්න මෙම නියෝගය නිකුත් කළේ සැකකරු විසින් ඇප ඉල්ලා ගොනු කළ  ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි. ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ දෙකහමාරක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට මහාධිකරණ විනිසුරු නියෝග කරන ලදි.

මානුෂික හේතූන් මත සැකකරු ඇප මත මුදාහැරීමට විරුද්ධ නොවන බව නීතිපතිවරයා අද අධිකරණයට දැනුම් දුන්නා.

සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කළ අතර සෑම මසකම අවසන් ඉරිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වාර්තා කරන ලෙසට නියෝග කරන ලදි.

පූජිත් ජයසුන්දරගේ ප්‍රතිශෝධන පෙත්සම පෙරවරු 11:30 ට කැඳවීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,370FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img