27.8 C
Colombo
Thursday, August 28, 2025

හෙද ඉල්ලීම් පහකට ජනපතිගෙන් විසඳුම් : සෙසු ඉල්ලීම් 02කට මීලඟ අයවැයෙන් සහන…

Published:

 

හෙද ඉල්ලීම් පහකට ජනපතිගෙන් විසඳුම් : සෙසු ඉල්ලීම් 02කට මීලඟ අයවැයෙන් සහන…

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඉදිරිපත් කළ ඉල්ලීම් හතෙන් පහකට එසැණින් විසඳුම් ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබෙනවා. සෙසු ඉතිරි ඉල්ලීම් දෙකට අදාළ විසඳුම් මීළඟ අයවැයෙන් ලබාදීමටද ජනාධිපතිතුමා එකඟතාව පළකළේ.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සමඟ අද (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මෙම තීරණවලට එළැඹ තිබෙනවා.

01. හෙද සරසවිය ආරම්භ කිරීම.
02. යහපාලන රජය සමයේ 2017.12.07 හා 32/2017 මගින් අත්හිටුවා ඇති මාණ්ඩලික තත්ත්වය නැවත ලබාදීම.
03. අත්හිටුවා ඇති iii ශ්‍රේණියෙන් ii ශ්‍රේණියට උසස් වීම වසර පහක් ලෙස හා ii ශ්‍රේණියෙන් i ශ්‍රේණියෙන් වසර හතෙන් උසස් කිරීම.
04. රුපියල් විසිදහසක වාර්ෂික නිල ඇඳුම් දීමනාව ලබාදීම.
05. දැනට පැය 36ක්ව පවතින රාජකාරී කාලය සතියකට දින පහක (පැය 30ක) කාලයක් ලෙස සැලකීම විශේෂ කමිටුවක අධ්‍යනයට යොමු කිරීම.

යන කරුණු 5 වහාම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමා තීරණය කළේ.

රුපියල් දස දහසේ දීමනාව සහ 2014.12.24 දින මුදල් අමාත්‍යාංශය චක්‍රලේඛයක් මගින් සඳහන් කර ඇති මූලික වැටුපෙන් 1/100 අමතර සේවා දීමනාව ලබන අයවැයෙන් ලබාදීමටත් ජනාධිපතිතුමා විසින් එකඟතාව පළ කෙරුණා.

ඒ අනුව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඉදිරිපත් කළ යෝජනා සියල්ලට ජනාධිපතිතුමා විසින් විසඳුම් ලබා දෙනු ලැබුවා.

රජය සෞඛ්‍ය අංශය කෙරෙහි දැඩි විශ්වාසයෙන් පසුවන අතර හෙද සේවාවට ඉහළ පිළිගැනීමක් ලබාදෙන බවත් හෙද වෘත්තිකයන්ට නිසි තැන ලබාදෙන බව ද ජනාධිපතිතුමා අවධාරණය කර සිටියා.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා පවිත්‍රා වන්නිආරච්චි, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, සෞඛ්‍ය ලේකම් (විශ්‍රාමික) මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සහ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ නියෝජිතයෝ මේ අවස්ථාවට එක්ව සිටියා.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,463FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img