30.6 C
Colombo
Sunday, September 7, 2025

හෙට සිට පැය 03ක විදුලි කප්පාදුවක් – ලංවිම

Published:

හෙට සිට පැය 03ක විදුලි කප්පාදුවක් – ලංවිම

හෙට දිනයේ සිට දෛනික විදුලි කප්පාදු කාල සටහන පැය 03ක් දක්වා දීර්ඝ කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කර සිටිනවා.

නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයේ මෙගා වොට් 300 ධාරිතාවයකින් සමන්විත පළමු ජනන යන්ත්‍රයේ ඇතිවූ  මේ වනවිට හදිසියේ ඇති වූ තාක්ෂණික දෝශයක් හේතුවෙන් අක්‍රීය වුවා.

මෙම ජනන යන්ත්‍රය යථා තත්ත්වයට පත් කිරීම සඳහා දළ වශයෙන් සති 02ක පමණ කාලයක් වැය වෙතැයි අපේක්ෂා කෙරෙන බවයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කර සිටියේ.

තවද මේ වනවිට ලක්විජය බලාගාරයේ දෙවන (Unit 02) ජනන යන්ත්‍රයේද අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු මේ දිනවල සිදුකරන බැවින් එහි සම්පූර්ණ ධාරිතාවය මෙගා වොට් 300ක ප්‍රමාණයද ජාතික පද්ධතියට අහිමි වී ඇත. එමනිසා මේ වනවිට ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට් 600ක ප්‍රමාණයක් අහිමි වී ඇත.

මේ තත්ත්වය හේතුකොට ගෙන හෙට දිනයේ සිට පැය 03 ක කාලයක් විදුලි කප්පාදුවක් සිදු කිරීමට අවශ්‍ය වන බවයි විදුලිබල මණ්ඩලය සඳහන් කර සිටින්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,514FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img