25 C
Colombo
Thursday, November 27, 2025

හෙට දිනයේ පැතුම් ඉටු නොවන ලකුණු…

Published:

ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය හෙට (23) හෝබාර්ට් හිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අයර්ලන්ත කණ්ඩායම සමඟ මෙම තරගය පැවැත්වෙන අතර,ආබාධයකට ලක්වූ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට හෙට තරගය මඟ හැරෙන බවයි ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන්නේ.

ඒ, අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙස පැතුම් වෙනුවට යොදාගන්නා ක්‍රීඩකයා කවුරන් ද යන්න පිළිබඳව තවමත් තොරතුරක් වාර්තා වන්නේ නැහැ.

ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර නිමා වූ තරගය අතර තුර පැතුම් ආබාධයකට ලක්වූ අතර, පසුව ඔහු MRI පරීක්ෂණයකට යොමු කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,476FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img