27.2 C
Colombo
Monday, August 25, 2025

හිටපු විදෙස් ඇමතිගේ ඝාතනයට සම්බන්ධ LTTE බුද්ධි අංශ සාමාජිකයාට ජර්මනියේදී දඬුවම්…

Published:

හිටපු විදෙස් ඇමතිගේ ඝාතනයට සම්බන්ධ LTTE බුද්ධි අංශ සාමාජිකයාට ජර්මනියේදී දඬුවම්…

හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබූ එල්.ටි.ටි.ඊ. සංවිධානයේ බුද්ධි අංශ සාමාජිකයෙකුට ජර්මන් අධිකරණය විසින් දඬුවම් ලබාදී තිබෙනවා.

කොටි සන්විධානයේ බුද්ධි අංශ සාමාජිකයෙක් වන නවනීදන් ජී. යන නාමයෙන් හදුන්වනු ලබන මෙම ත්‍රස්තවාදියාට ජර්මානු අධිකරණයක් විසින් මාස 82 ක සිර දඬුවම් නියම කර ඇති බවයි.

2012 වර්ෂයේදී ජර්මනියට සංක්‍රමණය වී ඇති මෙම කොටි සංවිධානයට සම්බන්ධ  බුද්ධි අංශ සාමාජිකයා එරට සරණාගත භාවය ඉල්ලුම් කර තිබු බවයි එරට නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු වාර්තා කර සිටියේ.

මෙම සැකකරුව ජර්මනියේ ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් 2019 වර්ෂයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ හිටපු විදේශ කටයුතු ඇමති ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනයට සම්බන්ධ වූ අයෙක් බවට බුද්ධි අංශ විසින් ලබා දුන් තොරතුරු පදනම් කර ගනිමින්ය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,370FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img