27.8 C
Colombo
Thursday, August 21, 2025

හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර අත්අඩංගුවට ගන්න විවෘත වරෙන්තු

Published:

අධිකරණය දිගින් දිගටම මඟහරිමින් සැඟවී සිටින සැකකරුවන් වන හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර හා කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රි මිල්රෝයි පෙරේරා යන දෙදෙනා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහර මහෙස්ත්‍රාත් කාංචනා ද සිල්වා ඊයේ ( 05 වැනිදා) විවෘත වරෙන්තු නිකුත් කළාය.

ඒ කිරිබත්ගොඩ නගරයේ ඉදි කිරීමට රජයට පවරා ගෙන තිබු ඉඩමකට කූට ලේඛන සකස් කිරීමේ නඩුවට අදාළවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ විමර්ශන නිලධාරින් විසින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව සැකකරුවන් දෙදෙනාගේ බැංකු ගිණුම්වල වාර්තා හා ලියාපදිංචි වාහනවල වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙසට අදාළ බැංකු ආයතනවලට හා මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයාට ද මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

තවද මේ සිද්ධියට අදාළව දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නවින් වීරකෝන්, හිටපු ඇමැති මර්වින් සිල්වා, කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති වෛද්‍ය ජයන්ත සිංහබාහු කබ්රාල් හා හිටපු ඇමැති මර්වින් සිල්වාගේ එවකට පාර්ලිමේන්තු කටයුතු හිටපු ලේකම් දොන් සරත් කුමාර එදිරිසිංහ නොහොත් සිංගප්පූරු සරත් යන හතර දෙනා තවදුරටත් මේ මස 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමට ද මහෙස්ත්‍රාත්වරිය නියම කළාය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,370FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img