24.5 C
Colombo
Wednesday, November 26, 2025

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස්ගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව අත්හිටුවයි…

Published:

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස්ගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව අත්හිටුවයි…

 

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට හෙට සිට ලබන 25 වනදා දක්වා කාල සීමාව තුළ විදේශගත වීම සඳහා පනවා තිබෙන තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද නියෝග කළා.

අදාල කාලසීමාව තුළ විත්තිකාර සජින් වාස් ගුණවර්ධනට විදේශ ගත වීමට අවසර ලබා දෙන ලෙසත්, කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත විසින් ආගමන හා විගමන පාලකවරයා හට නියෝග කර තිබෙනවා.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා එල්ල වී සිටින සජින් වාස් ගුණවර්ධනට අදාළ නඩුව අද මෝසමක් මාර්ගයෙන් කැඳවූ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට ව්‍යාපාරික කටයුත්තක් සඳහා ඉන්දියාවට යාමට අවශ්‍යව ඇති බව සඳහන් කළා.

ඒ අනුව අදාළ කාලසීමාව තුළ සජින් වාස් ගුණවර්ධන විදේශ ගතවීමට අවසර ලබාදුන් බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු සඳහන් කළේ. නඩුව ලබන 26 වනදා යලි කැඳවීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,474FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img